BDSM කියන්නෙ මොකද්ද?


 


ගොඩක් අය දන්න කියන අකුරු 4 ක්.ඒ වගේම ගොඩක් ලිපි පල උන මාතෘකාවක් ...ඒ දන්න කියන මාතෘකාවෙන්ම මමත් පටන් ගන්න හේතුව නම් මූලාරම්භය වැදගත් නිසා...

වැඩි කතා නැතුව අපි එමු මාතෘකාවට..


BDSM කියන්නෙ,

1.B/D - Bondage  and Discipline 

2.D/s - Dominance & submission 

3.S/M - Sadism & Masochism 

යන කෙටි යෙදුම් වල එකතුවක් ලෙස දක්වන්න පුලුවන් ...


 

B / D - BONDAGE & DISCIPLINE 


BONDAGE :- BDSM උප සංස්කෘතිය තුල bondage යනු ශෘංගාරාත්මක , සොන්දර්‍යාත්මක හෝ පරපීඩික කාමුකත්වය උදෙසා DOM විසින් sub ව බැදීම හෝ සීමාකිරීමයි.

ඒ සදහා ropes , cuffs , bondage tapes භාවිතා කරන අතර විවිධ ආකාරයන්ගෙන් ශාරීරිකව මෙම සීමා කිරීම් සිදු කල හැක.


DISCIPLINE :- BDSM හි DISCIPLINE යන්නෙන් අදහස් කරනුයේ විනයයි..පාර්ශවයන් දෙකම මනා විනයක් සහ හික්මීමක් සහිත වීම සාර්තක D/s relationship එකක ශක්තිමත් ලක්ශණයකි..

sub ට අදාල ව විනය යනු DOM විසින් සකස් කරන ලද නීති රීති සහ පරිචයන්ට අදලව sub විසින් තම කීකරුකම සහ ගැතිබව පවත්වාගෙන යාමයි...මෙහිදි විනය කැඩී ගිය විට දඩුවම් කිරීම හික්මවීමේ මාද්‍ය ලෙස බොහෝ විට භාවිතා කරයි..


D / s - DOMINATION  & submission 


BDSM උප සංස්කෘතිය තුල ආධිපත්‍යය දැරීම  DOMINATION නම් වන අතර submission යනු යටත් වීමයි..

මෙහි භූමිකා කීපයකි.

1. DOM  :- DOM යනු ක්‍රියාකාරකම් පාලනය කරන්නා වේ..

2. sub  :- sub යනු පාලනය වන පුද්ගලයා නොහොත් යටත් වීම සිදු කරන්නා..

3. Switch :- ඉහත සදහන් භූමිකා දෙක ම නිරූපනය කරන පුද්ගලයින් වේ.


S / M - SADISM  & MASOCHISM 

 

මෙහි SADISM සහ MASOCHISM යන්නෙන් අදහස් වන්නෙ..වේදනාව  හෝ අවමානයට ලක්වීම සම්බන්දයෙන් ක්‍රියාවන් ලබා දීම හෝ ලබා ගැනීමේ ආශාවයි.මෙමගින් ලිංගික සතුට උත්දීපනය වේ..


නමුත් වර්තමානයේ දී.BDSM පුලුල් පරාසයක විහිදුනු ක්‍රියාකාරකම් සහ අන්තර්සම්බන්ධතාවයන්ගෙන් යුක්ත වේ..


ඊලග ලිපියෙන් නැවත හමුවෙමු..


 -රුවින්දි -

Comments